මළවුන්ගේ මධ්‍යස්ථානය. Owen Jones

Читать онлайн.
Название මළවුන්ගේ මධ්‍යස්ථානය
Автор произведения Owen Jones
Жанр Зарубежные детективы
Серия
Издательство Зарубежные детективы
Год выпуска 0
isbn 9788835432630



Скачать книгу

රෝ ඇඳුම, අතින් සකසන ලද ෂර්ට් කිහිපයක්, යට ඇඳුම් සහ ඔහු දැනට ඇඳ සිටි දේ. තමාට අවශ්‍ය ඕනෑම දෙයක් ඕනෑම වේලාවක මිලදී ගත හැකි බව ඔහු දැන සිටි අතර එලෙසම ඔහු යම් සංචාරයක ගියවිට, සිහිවටන ඇඳුම් මිලදී ගැනීමටද ප්‍රිය කළේය.

       ගමනාන්තයට පැමිණි විට, බොබ් කුලී රථ රියදුරෙකුගෙන් ඉල්ලා සිටියේ තමාව 'කලබලයක් නැති නවාතැන් පලකට’ කැඳවාගෙන යන ලෙසටය, මන්ද යත්, ඔහු මීට පෙර කිසි දිනෙක ඇලබාමාහි බර්මින්හැම් වෙත නොපැමිණ තිබුන බැවිනි. ඔහු හෝටලයේ නවාතැන් ගෙන, ස්නානය කොට, වෙනත් ඇඳුමක් ඇඳ පිළිගැනීමේ කවුන්ටරය නාද කළේය.

       "මට එච්චර සනීප නෑ ... මම දියවැඩියා ලෙඩෙක්. කරුණාකර මාව දොස්තර ඒ. ඩබ්ලිව් ක්‍රෝගේ ශල්‍යාගාරයට ගෙනියන්න කුලී රථයකට එන්න කියන්න පුලුවන්ද? මගේ යාලුවෙක් එයාව මට නිර්දේශ කරලා තියනවා.”

       "හරි සර්, පහළට බහින්න උදව් ඕනෙද සර්?"

       “නැහැ, එහෙම ඕනේ නැහැ, ස්තූතියි. මම අවුරුදු ගණනාවක් අසනීපයෙන් ඉන්න හින්දා මට කලින් අනතුරු ඇඟවීමේ ක්‍රමයක් මම ම හදාගෙන තියෙන්නේ. ඔයා දැන් කුලී රථයකට කතා කරනවා නම්, මම පිළිගැනීමේ කවුන්ටරයට එන්න දැන් පිටත් වෙනවා. ඔයාට ස්තුතියි."

       "ඔයාටත් ස්තුතියි, සර්."

       වෛද්‍යවරයාගේ ස්ථානයට පැමිණී බොබ් වෛද්‍යවරයාගේ ඩිස්පෙන්සරියේ දොර විවර කළ අතර, එහි ඇතුලට යාම සඳහා පුද්ගලයින් තිදෙනෙක් බලා සිටිනු දුටුවේය. ගැඹුරින් හුස්ම ගත් ඔහු බිම වැටීමට ඉතා ආසන්නව සිටින්නාක් මෙන් පිළිගැනීමේ නිලධාරියාගේ කවුන්ටරය මත සිය සම්පූර්ණ බර තැබීය.

       "මට ඩොක්ටර් ක්‍රෝව ඉක්මනටම හම්බවෙන්න ඕන," ඔහු තදින් හුස්ම ගනිමින් කිවේය. "දියවැඩියාවේ කම්පනය, එයා ඉන්නවද? ඩොක්ටර් ක්‍රෝ? මේක නිව් යෝර්ක් වල ඉන්න මගේ වෛද්‍යවරයාගේ යොමු කිරීමක්.”

       බොබ් කාඩ්පත් දෙකක් දිගු කළේය, එකක් තමා දියවැඩියා රෝගියෙකු බව පෙන්වීමට සහ අනෙක තමා සතුව මුදල් ඇති බව ඔප්පු කිරීමට ය. පිළිගැනීමේ