සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship

Читать онлайн.
Название සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)
Автор произведения Amy Blankenship
Жанр Ужасы и Мистика
Серия
Издательство Ужасы и Мистика
Год выпуска 0
isbn 9788835429500



Скачать книгу

ඇඳසිටි ජීන්ස් කලිසම තද බව චැඩ් හට දැනුනි. බලාපොරොත්තු සුන්වීමෙන් ඔහුගේ බැල්ම වෙනතක යොමුකළ චැඩ් හට, තමන් සිටිනා කෝණයෙන් ඉහළ බිත්තිවල සැරසිලි මනාව දර්ශනය වනබව පෙනුනි.

      ඒවා බොහෝ විට නිවී දැල්වෙන විදුලි ආලෝක පහන් වූ අතර ජගුවර් වරුන්ගේ සුනම්‍ය සිරුරු දර්ශනය වනසේ සකස්කළ සිතුවම් විශාල ප්‍රමාණයක් බිත්තිවල තිබුණි. සමහර සිතුවම් ඔවුන් සටන් කරන ආකාරය විදහා දක්වා තිබු අතර තවත් සමහරක් දඩයමේ යන්නාවූ සහ දඩයම් කරන්නාවූ සිතුවම්ද තිබුණි. මාරාන්තික සතුන්ට තමන්ගේම ජීවිතයක් ඇති බවක් පෙනෙන්නට තිබුණි. නිශ්චල සිතුවම් බොහෝ විට විදුලි පහන් ආලෝකය සමඟ චලනය වන්නාසේ දිස්වූ අතර එමඟින් සතුන් ජීවතුන් අතර සිටිමින් බලා සිටින බවට හැඟීමක් ඇති කළේය.

      තේමාව අද්විතීය බව ඔහුට පිළිගැනීමට සිදු වූ නමුත් ඉන් බලපොරොත්තුවු දේ ක්‍රියාත්මක විය. ඔහුගේ දෑස් බිත්ති හරහා විදුලි පහන් ආලෝකය පසුපස ගිය අතර පින්තූර අතර දම්වැල් එල්ලී තිබෙනු ඔහු දුටුවේය. ඉන් සමහරක් කරපටි සහ කළු පැහැති හමින් නිමවූ කස වලින් සරසා තිබිණි.

      ඔහු කූඩුව දෙසට නැවත හැරී බැලූ අතර ජේසන්ව සොයා යාමට සැරසෙන විට එක් විදුලි ආලෝකයක් අසල නර්තන බිමේ ට්‍රෙවර් සිටිනු දුටුවේය. ඒ මෝඩයා ගැහැණු ළමයින් දෙදෙනෙකු අතර සිරවී සිටි අතර, ඔහු තම ජීවිතයේ ප්‍රියතම කාලය ගත කරන බවක් පෙනෙන්නට තිබුණි. එන්වී දෙස බැලූ චැඩ් දුටුවේ, ඇය තිදෙනා දෙස කෙලින්ම බලා සිටින බවත් ඒ සම්බන්ධව ඔහු වචනයක්වත් ප්‍රකාශ කලයුතු නැති බවයි.

      එන්වී, ට්‍රෙවර්ව නොදන්නා සේ ඔහුව අධ්‍යනය කිරීමට උත්සාහ කරමින් හිස දෙපසට වැනුවාය. ඔහු සමග පෙම් සබඳතාවයක් ඇති කරගත්තේ ඇයි කියා ඇයට සිතෙන්නට විය.

      ඔහු ඇස් වලට ඉතා පහසු බව පිළිගැනීමට ඇයට සිදු විය. හොඳම පෙනුමක් සහිත යන්න ඔහුව විස්තර කරන හොඳම වාක්‍ය ඛණ්ඩය වනු ඇත. ඔහු කැලිෆෝනියාවේ